සතුටක රහස

ඩැෆඩිල් මලක් වෙලා

හිත් යාය වෛවර්ණයෙන් සරසන්න…

ඉර අව්ව වැළඳගෙන

කර්කෂ පොළොව මත

පතොක් මලක් වී පිපෙන්න….

කොහොම මොන දේ

කොයි විදියට වුණත්

සුළඟක් වගේ සීත පිනි දිය ඉහින,

පුංචි වැහි බිංදුවකට පුළුවන්

ගං දියක් සෙනෙහසින් පුරවන්න…

සඳ නැතත් තරුවකට පුළුවන් නම්

ආදරේ බෙදන්න

සැනසෙන්න මුළු අහස් තලයම….

ඉතින්, සතුට කියන්නෙම

මේ ගෙවෙන හැම මොහොතම

ආදරෙන් භාරගන්න එකට.

By Leo Navodya Dhananjani

Scroll to Top