එයද එසේ නිමා විය......
ගැණිය නොහැකි තරමට මුදල්
සැප පිරුණු මන්දිර
අනේක වාහන
සමාජ තත්ත්වය
සියල්ල ඔවුන් සතු විය…
පුංචි ඉඩකඩක
හුස්ම පොදකුත් නොලැබ
කාත් කවුරුත් නැතිව
මුහුදු බත් වූ ඔවුන්
ප්රකෝටිපතියෝ ය…
සියල්ල මුදල් නම්
මුදලට මාරයා යටත් නම්
ටයිටැනික් සොයා ගිය ටයිටන්
සතුටාන්තයක් වනු ඇත…
මියගිය ටයිටැනික් පිරිසට
සගයන් එකතු කරමින්
එයද එසේ නිම විය…
හැබැයි
කිව
යුතුය
ජැක් රෝස් විලසම
ටයිටන් ටයිටැනික් ආදරය
කථිකාවතක් වූ බව…
By Leo Rumesha Madhushani