නුඹ


ඉඳහිටක හමුවනා
ඒ මායාකාර දෑස්
මුමුණන්නේම සතුටක රහස්…
නුරා සිත්තම් රටා මවනා
ආඩම්බරකාර බැල්මන්
මහ සයුරක් සේ කළඹවයි
මුළු හද මඬල…
ජීවිතේ තුළ එවන්
ආදරණීයම විරාමයන්
හෙමි හෙමින් සරසවයි
හදවතේ ගැඹුරු තැන්
සදාකාලික මතකයක් ලෙසින්…
ඉතින්,
තිබුණත් හිමි අහිමිකම්වලට සීමා මායිම්
ආදරේ ලස්සනම විඳින කොට
දුර ඉඳන්…

By Leo Navodya Dhananjani

Scroll to Top