දැක මියෙන මනුදම් – මැවෙන තිරිසන් භවෙක පැතුමන්

රවත් මනුදම් සොබාදහමට හිරු සමඟ දුක පායනා

වදන් මුවහත් කළ යදම් මෙනි දුදන අකුසල් යාවනා

පවත් ඇවටිලි ලෙසට කීවත් කෝටියක් දෙවි භාවනා

වඩින් අම බුදු හිමියනේ මෙහි කරන්නට සංගායනා

අම රසව කළ එකල අකුසල් රියසකය මෙනි පැමිණ

ඉම කොණක් නොපෙනීම තිරිසන් අපායට විය ඇමිණ

නිම නොවෙද සමිඳුනේ ඒ පවු වඳිමි නැම මා දෙදණ

කිම මටත් දන මෙන් පුරන්නට අවැසි පින් නුඹ නමින

විලද මී පැණි පුදාලන්නට එන්න හැකිවෙද දුවන්

නිබඳ කුසුමන් පිදෙන දිනයෙක වළාවන් මැද ගුවන්

අයැද හිඳිනෙමි පියවි දෙනෙතින් මහා සෑ රජ රුවන්

සමිඳ මිනිසත් භවක් අවැසිය දකින්නට මට නිවන්

By Leo Iwanka Chamodi

Scroll to Top