ක්‍රීන්..ක්‍රීන්…ක්‍රීන්…..
“ලොක්කයියේ….ලොක්කයියේ….මේන් තැපැල් මාමෙක් ඇවිල්ලෝ,ඔයාගෙ ලිවුම ගෙනැල්ලෝ…”මෙසේ කියා චූටිමල්ලී සැණීන් ගෙට දුවන්නට විය.
“අම්මේ..මේං ලොක්කයියට ලිව්මක් ඇවිල්ලෝ..”
“ලොකූ මේ ලිවුන් කඩදහියක් ඇවිල්ලා”අම්ම පැවසීය.
දුවගෙන ආ ලොකුපුතා ලිවුම දිගහැර බැලුවේය.
“පුතේ මේ ලිවුම කියෝපන්,පස්සෙ අම්මට කියපන්!” මුල් වාක්‍යයේ ලියා තිබුණි.
ලිව්මක් මත ලිව්මක් අලවා තිබුණි.
ලොක්කො මම දන්නවා මේ ලිවුම කියවන්නෙ උබ කියල…උඹ දන්නවද මම උඹට හරි ආදරෙයි මගෙ ලොකු එකෝ..මම හමුදාවට බැදෙනකොට උඹට වයස 15 යි.කාලෙ හරි ඉක්මණින් යනව මගෙ පුතේ..උඹලගෙ මූණු දකින්නෙ නැතුව අදට අවුරුදු තුනක් වෙනවා…අම්ම පරිස්සමෙන් ඉන්නව නේද ලොකු පුතේ?.. වෙලාවට බේත් ටික අම්මට දීපන්! මගෙ ගෑනිට පොඩි දෙයක්වත් දරාගන්න බෑ බන්.ඉස්සර මම උඹලගෙ අම්මව බලන්න එන කාලේ අම්ම හරි පුදුම එකියක් පුතේ…ලස්සන චීත්ත ගවුමක් ඇදල..පොඩි ඇට මාලෙකුත් දාගෙනමයි ඉන්නෙ..ලගින් යනකොට පුසුඹේ බැරුවා..අවුලකට තිබ්බෙ උඹලගෙ අම්මට ගොතන්න තරම් කොණ්ඩයක් තිබුනෙ නැති එක.ඒත් හැඩකාරි
අද ඊයෙ වගේ මතකයි උබලගෙ අම්මට පොඩි කටුවක් ඇණීලා දවස් දෙක තුනක් යනකන් ඇවිද්දෙ නැ.සැපට හැදුණූ කෙල්ලක් ඔය..මා එක්ක සහේ ඇවිදින් මගෙ තනි මකනවා.අම්මට පොඩි දෙයක්වත් දරාගන්න අමාරුයි පුතේ…
පොඩිකොල්ලා සතුටින් ඉන්නව නේද ලොකූ?චුට්ටටත් දැං අවුරුදු පහකටත් කිට්ටු ඇති.මම ඉක්මණීන් එන්නම් පුතේ උඹලව බලල යන්න…
දන්නවද ලොක්කො….අනිද්දට ලොකු මිශන් එකක්ලු..අපේ රෙජිමේන්තුවෙ ලොක්කෙක් කියනව ඇහුණා.මේ ටිකේම ට්‍රේනිං තිබ්බා.
මාර තෙහෙට්ටුයි ලොකුපුතේ…නිදහසක්ලැබුණු ගමන්මයි මම මේ ඔයාලට ලියන්නේ..ගියපාර අම්ම එව්ව සව්දොදොල් ඔක්කොම මම යාලුවො එක්ක කෑවා.මේ පාරත් අම්මගෙ අතින්ම හදල එවන්නයි කියන්න.
තාත්තා ඉක්මණීන් ම එන්නම් පුතාලව බලල යන්න.ආදරෙයි ඔයාලා හැමෝටම.අම්මටත් ගොඩක්ආදරෙයි,හැමවෙලේම මතක් වෙනවා පොඩීවත් එක්කම..බුදුසරණයි..පරිස්සමෙන් ඉන්න හැමෝම…
ආදරණීය තාත්තා
“ලොකු පුතේ ඉක්මණීන් කියෝපන්කො ඕක”
ලිවුම යටින් මෙසේ ලියා තවත් කොටසක් තිබුණි.
“පුතේ , මේ තමා ඔයාලගෙ තාත්තා අන්තිමට ලිව්ව ලිවුම.දැං දවස් කීපෙකට උඩදි ලොකු යුද්ධයක් තිබ්බා.ඒකෙදි තාත්තා කණ්ඩායම් නායකයෙක් විදිහට අපි හැමෝමවම බේරගත්තා පුතේ..”
කොහොම කියන්නද ඔයාලට…තාත්තගෙ මතක වස්ත්‍ර…එයාගෙ මතක…මේ ලිවුම ලැබිලා දවස් දෙක තුනකින් හම්බෙයි.කොහොම දරන්නද මේ දේවල්
“තාත්තා ලොකු වීරයෙක්,සතුරට කෙලින් මූණදුන්න……”
ඉස්සරහ මග ගොරෝසුයි.ඉවසගෙන අම්මලව බලාගනිං පුතේ.”
. මම තාත්තගෙ හොදම යාලුවා
ලිවුම කියවූ ලොකූගේ හිතේ දුක තවත් වාවන් ඉන්න බැරිවිය.දෑස් අගින් කදුලු බිදු රූරාවිත් වැටෙන්නට විය.
“ලොකූ තාත්තට කරදරයක් නෑ නේද?”
අම්මගෙ කටින් නිරායාසයෙන් වචන තෙපැලෙන්නට විය.
රදවා තියා උන් කදුලුකැට බිමට බරවෙද්දී..
“අම්මෙ තාත්තා වීරයෙක්,සතුරන්ට කෙලින් මූණදුන්නූ….”
By Leo Savindi Bandara