ගජ වරුණ

සුදොවුන් බිසව් කුස පිපි සිදුහත් රහස

වැඩියෙද පියුමැතිව පීරා රෑ අහස

ඒ කුල’පුරෙන් නෙද මට මේ සකි පහස

තිරිසන් භවෙක වෙද මෙතරම් මෙත් දහස

රුපු සෙන් බිඳිනු වස් රජ හා බැඳ එමට

සඟනත සමඟ පෙරැමුණ ගති රණ බිමට

දරුවෙකු ලෙසින් නුඹ’සළ රැඳි කෙළි කමට

එතරම් සෙනෙහෙ උසුලෙද ගජ හේ නමට

සිව් රඟ සෙන් තෙදට පින් පිරු ලෙස කරුණ

ගජමන් පරපුරක නැත ගුණ ඇල් මැරුණ

පන්හිඳ දෙ අත රැඳුණ ද පිබිදී අරුණ

ගලපනු නොහැක පැතු සේ මට ගජ වරුණ

By Leo Iwanka Chamodi

Scroll to Top