ඔයා

අවුරුදු ගණන් ලියවෙන ලස්සනම කවිය

අහස පොළවට එක් කර බිහි වෙන රිද්මය

වැස්ස පොද එක්ක එවන පණ තියෙන හිරිකඩය

ලෝකේ හතර දිග්භාගෙම එකතු වෙන එකම තියරිය

ඔක්සිජන් වතුර මේවත් එක්ක නැතුවම බැරි එක

අහසට ලස්සන වෙන්න වලාකුලු ඕන එක

වතුරට පාවෙලා යන්න පාරක් දියවැලක් වෙන එක

වගේ මිනිහෙක්ටත් ජීවත් වෙන්න ආදරේ ඕන එක

තනිකමයි ඩැමේජ් එකයි හිත ගල් කරන විදිහට

හුළඟත් දෙන අමුතු ආතල් වෙලාවකට

මැශින් හයි කරපු මොළේ හුරු උනත් තනිකමට

තත්පරේකදි හදවතත් පරාදයි සෙට් වෙන ඇස් දෙකට

ආදරේ කියලා බන් පොත් ගණන් පිරෙව්වත්

හිත පාවෙන්නෙ ආදරේ හින්දමයි වතුරේ ගිලුණත්

ඉර උනත් ලස්සන මුහුද එක්කම පෙමින් බදා ගත්තොත්

කෝපි ඇස් දෙක පිළිගන්න ඔයා ලස්සන මන් එක්ක හිටියොත්

ලියො දිස්නි තිසාරා අල්විස්

Scroll to Top