සඳවතට ළං වී

සඳවතට ළං වී

පෙම් බඳින තරුවක් දුටුමි

පෙම් බඳින තරුවට

මම ද සිත බැඳුණි

අමාවක දා රෑක 

තනි වූ තරුව දැක

නෙතර කඳුලැල් නැඟුණි

සඳ කොහිද විමසුවෙමි

තරුව අඬනව තාම

කට්ට කළුවර රෑට

ඒත් තරු දන්නෙ නෑ

තරු දිහා බලාගෙන

තරු රටාවක් හොයන 

සිත්තරෙක් ඉන්න වග

By Leo Ashani Imalka

Scroll to Top