ආදරේ

අවුරුදු ගාණක් පරණ වයින් බීලා නැති,

කෑවම මත් වෙන ඩාක් චොක්ලට් ගැන දන්නේ නැති අය

ආදරේ සමාන කරන්නේ ඇස් දෙක පියා ගත්තම ඇහි පිහාටුවක බරවත් නොදැනෙන එක්තරා විදියක නෙල්ලි රහ හැඟීමකට. 

ගල් ගිලලා වගේ හිර වෙන බොඳ වෙච්ච ලා නිල් පාටට

ඇස් කරකවන මී පැණි වගේ තික් හැගීමක් ඒක.

ෆෑන් පෙත්තක දැවටෙන දූලි තට්ටුව හුළඟින්වත් අහකට නොයා ළඟ ඉන්න හැටි.

පාසි ගොල්ලක් ගහකට එතිලා ලස්සනට කොළ පාට වෙනවා වගේ.

කවදාවත් ඉවරයක් නොවෙන උපමා පිරුණු ඒ ටොපික් එක. ආදරේ

Leo Disni Thisara Alwis

Scroll to Top